Posts

විභාගයට යන්න කලින් මේ ටිකත් ඉගෙන ගන්න

Image
  1) පෙර සූදානම දහස් වටී    හොඳ අධිෂ්ඨානයකින් විභාගයට මුහුණ දෙන්න. ඔබ ඔබේ අනාගත ජීවිතය ගැන සිතා අරමුණක් ඇති කරගන්න. බොහෝ අපේක්ෂකයන්ට විභාගයට පාඩම් කරන්න මතකයට නැගෙන්නේ විභාග කාලසටහන ලැබුණාට පසුවයි. එවිට තමා පාඩම් සටහන් හොයන්නෙත්. විභාගයකට මුහුණදීමේ දී තම අධ්‍යාපන කටයුතු දෛනික කාලසටහනකට අනුව කල් තියා සිදුකරන්න. තමන්ට මගහැරුණු පාඩම් සොයාගෙන සම්පූර්ණ කරගන්න.    2) පුස්තකාලයම බෑගයේ දමාගෙන විභාගයට යන්න එපා    ගොඩාක් සිසුන් කරන වරදක් තමයි විභාගයට යන්න කලිනුත් නිදිවරාගෙන පාඩම් කරලා විභාගයට යද්දීත් බස් එකේදීත් විභාග මධ්‍යස්ථානය අසලට ගිහිනුත් පාඩම් කරනවා. පාඩම් කරන එක නරක වැඩක් නොවුණත් විභාගයකට මුහුණ දෙන අපේක්ෂකයකුට නිරවුල්, නිදහස් මනසක් තියෙන්නට අවශ්‍යයි. ඒ නිසා මගේ අදහස විභාගය ආරම්භවීමට අවම මිනිත්තු 15කටවත් පෙර ඔබේ මනස නිදහස් නිරවුල් කරගන්න. ඒ අවස්ථාවේත් ඔබේ මනස වෙහෙසට පත් කරන්න එපා.    3) අනුමාන ප්‍රශ්න විටෙක ඔබ අතරමං කරයි    බොහෝ ගුරුවරුන් පවා පසුගිය ප්‍රශ්න පත්‍රවලට සාපේක්ෂව අනුමාන ප්‍රශ්න සිසුන්ට ලබාදෙනවා. එහි වරදක් මම දකින්නේ නෑ. එහෙත් විෂයය නිර්දේශයේ කවර පාඩමකින් විභාගයට ප්‍රශ්නයක් ඇසුව

තමන් විසින්ම Exam කෙලවගන්න හේතු

Image
ඔව් ඔව් මචන් මේක පට්ට දිගට ලියලා තියෙන්නෙ ඒ උනාට කියවපන්. 01. කුපාඩි යාලුවෝ ටික  මෙන්න මුන් ටිකගෙන් පරිස්සම් උනොත් උබගේ A/L ජීවිතේ ගොඩය 😂 මුන් ටිකට ඉගෙන ගැනීමට හැකියාවක් ඇත උනන්දුවක් නැත. කරොත් කරන්නේ පුත්තලම් බූරු ගුටි කන වැඩකි . ඉල්ස්කෝලේ වලි, බේබදු කේස් වල මුල් තැන මුන්ට හිමි වේ. Class එක ගාවටම ගිහින් අද යන්න බෑ කියන්නේ මේ වගේ උන්‍. මුන් හිතාගෙන ඉන්නේ ඉගෙන ගන්නවාට වඩා අම්මලාගේ සල්ලි වලින් ආතල් එකේ සිටීම වැදගත් බවයි. 1st shy results ආවාම මුන්ගෙන් 50% ක් වැඩ කරන්න පටන් ගන්නවා ආයෙත් exam එක කරන්න. ඉතුරු ටිකගෙන්  බාගයක් job එකකට යනවා ඉතුරු ටික ආයෙත් exam කරන්න පටන්ගෙන කලින් පිස්සුවම නටලා වැඩේ අනාගන්නවා.  මුන් හිතාගෙන ඉන්නේ මේ කාලේ පකීර් වගේ සිටිම තමයි ලොකුම දේ කියලා.මෙන්න මුන්ගෙන් ගැලවිලා ඉන්න එක උබගේ A/L ජිවිතේට යහපතක් . 02. Traveling පිස්සුව  මෙන්න මේක හැදුනොත් උබ ඉවරයි . මේක හැදෙන්නේ A/L වලට ආව මුල්කාලෙදිය .සමහරුන්ට මේක පලවෙනි වාර විභාගයෙන් හෝ දෙමාපිය රැස්වීමෙන් පසුව සුව වේ. Class යන්න දීපු සල්ලි වලින් තමයි මුන් මේ ඇවිදින වැඩ කරන්නේ 😂 ඉතින් හොදම එකෙන් කෙලවෙනවාය . යන්නේ කොහෙද කරන්නේ