තමන් විසින්ම Exam කෙලවගන්න හේතු
ඔව් ඔව් මචන් මේක පට්ට දිගට ලියලා තියෙන්නෙ ඒ උනාට කියවපන්. 01. කුපාඩි යාලුවෝ ටික මෙන්න මුන් ටිකගෙන් පරිස්සම් උනොත් උබගේ A/L ජීවිතේ ගොඩය 😂 මුන් ටිකට ඉගෙන ගැනීමට හැකියාවක් ඇත උනන්දුවක් නැත. කරොත් කරන්නේ පුත්තලම් බූරු ගුටි කන වැඩකි . ඉල්ස්කෝලේ වලි, බේබදු කේස් වල මුල් තැන මුන්ට හිමි වේ. Class එක ගාවටම ගිහින් අද යන්න බෑ කියන්නේ මේ වගේ උන්. මුන් හිතාගෙන ඉන්නේ ඉගෙන ගන්නවාට වඩා අම්මලාගේ සල්ලි වලින් ආතල් එකේ සිටීම වැදගත් බවයි. 1st shy results ආවාම මුන්ගෙන් 50% ක් වැඩ කරන්න පටන් ගන්නවා ආයෙත් exam එක කරන්න. ඉතුරු ටිකගෙන් බාගයක් job එකකට යනවා ඉතුරු ටික ආයෙත් exam කරන්න පටන්ගෙන කලින් පිස්සුවම නටලා වැඩේ අනාගන්නවා. මුන් හිතාගෙන ඉන්නේ මේ කාලේ පකීර් වගේ සිටිම තමයි ලොකුම දේ කියලා.මෙන්න මුන්ගෙන් ගැලවිලා ඉන්න එක උබගේ A/L ජිවිතේට යහපතක් . 02. Traveling පිස්සුව මෙන්න මේක හැදුනොත් උබ ඉවරයි . මේක හැදෙන්නේ A/L වලට ආව මුල්කාලෙදිය .සමහරුන්ට මේක පලවෙනි වාර විභාගයෙන් හෝ දෙමාපිය රැස්වීමෙන් පසුව සුව වේ. Class යන්න දීපු සල්ලි වලින් තමයි මුන් මේ ඇවිදින වැඩ කරන්නේ 😂 ඉතින් හොදම එකෙන් කෙලවෙනවාය ....