තමන් විසින්ම Exam කෙලවගන්න හේතු
ඔව් ඔව් මචන් මේක පට්ට දිගට ලියලා තියෙන්නෙ ඒ උනාට කියවපන්.
01.කුපාඩි යාලුවෝ ටික
මෙන්න මුන් ටිකගෙන් පරිස්සම් උනොත් උබගේ A/L ජීවිතේ ගොඩය 😂 මුන් ටිකට ඉගෙන ගැනීමට හැකියාවක් ඇත උනන්දුවක් නැත. කරොත් කරන්නේ පුත්තලම් බූරු ගුටි කන වැඩකි . ඉල්ස්කෝලේ වලි, බේබදු කේස් වල මුල් තැන මුන්ට හිමි වේ. Class එක ගාවටම ගිහින් අද යන්න බෑ කියන්නේ මේ වගේ උන්. මුන් හිතාගෙන ඉන්නේ ඉගෙන ගන්නවාට වඩා අම්මලාගේ සල්ලි වලින් ආතල් එකේ සිටීම වැදගත් බවයි. 1st shy results ආවාම මුන්ගෙන් 50% ක් වැඩ කරන්න පටන් ගන්නවා ආයෙත් exam එක කරන්න. ඉතුරු ටිකගෙන් බාගයක් job එකකට යනවා ඉතුරු ටික ආයෙත් exam කරන්න පටන්ගෙන කලින් පිස්සුවම නටලා වැඩේ අනාගන්නවා.
මුන් හිතාගෙන ඉන්නේ මේ කාලේ පකීර් වගේ සිටිම තමයි ලොකුම දේ කියලා.මෙන්න මුන්ගෙන් ගැලවිලා ඉන්න එක උබගේ A/L ජිවිතේට යහපතක් .
02.Traveling පිස්සුව
මෙන්න මේක හැදුනොත් උබ ඉවරයි . මේක හැදෙන්නේ A/L වලට ආව මුල්කාලෙදිය .සමහරුන්ට මේක පලවෙනි වාර විභාගයෙන් හෝ දෙමාපිය රැස්වීමෙන් පසුව සුව වේ. Class යන්න දීපු සල්ලි වලින් තමයි මුන් මේ ඇවිදින වැඩ කරන්නේ 😂 ඉතින් හොදම එකෙන් කෙලවෙනවාය . යන්නේ කොහෙද කරන්නේ මොනවද කියලා පේස් පුක් දාන එක තරම් සතුටක් මුන්ට තවත් නැත. Exam ලං වෙද්දී නම් class ගියා නම් කියලා පශ්චත්තාප වෙන්න පටන් ගනී.සමහර විට මුන්ගේ travel කිරිල්ලේ ඒකායන අරමුන එක්කෝ class යන්න අකමැත්ත හෝ බේබදු කමයි. Bike පිස්සුවත් මුන්ට හොදටම තිබෙනවාය
*සමහර උන් ඉන්නවා ආතල් එකේ ඇවිදින එක විනෝදාංශයක් විදියට කරන ඒත් පාඩම් වැඩ ටිකත් කරගන්න .
උබට ගොඩ යන්න ඕනි නම් ඔක්කොම මල විකාර ඔලුවේ පුරවාගන්නේ නැතුව ඉස්කෝලේ හිහින් පංති ගිහින් ඔලුව නිදහසේ තියාගනින් ලංකාවේ අද්යාපන ක්‍රමෙත් එක්ක ඉගෙන ගන්න ගමන් මේ වගේ විනෝදාංශ කරන එක ටිකක් අමාරුයි .
03.පොර වෙන්න හදන බේබදු කම
A/L කාලේ පොර වෙන්න හිතාගෙන බොන්න ගියොත් කෙලවෙනවාය. මුන්ගේ බේබදු කටයුතු වලට මාසික අයවැයෙන් මුදල් වෙන්කරන්නේ පන්තිගාස්තු කපා හැරීමෙනි. O/l කාලේ හොදට හිටපු උන් එකපාරට බේබද්දන් වන්නේය. තූල්(කට අස්සේ දාන දුම්කොල කුඩු), ගංජා,සිගරට්,බියර් තමයි මුන්ගේ විනාසෙ ආරම්බය. මුන් කාලක්න්නි වෙන්නෙ විහින්මය බේබද්දකු වීම වීර කමක් සේ සලකයි. මුන්ගෙන ඈත් වෙලා ඉන්න එක ඇගට ගුනයි.
මේ අතරේ තව සෙට් එකක් නිවාඩු වෙලාවට සෙට් වෙලා සිංදුවක් කියලා අඩියක් ගහගෙන පාඩම් වැඩද ගානට කරගෙන යයි. හැබැයි එහෙම කරන්න නම් හොද මානසික පාලනයක් තිබිය යුතුමයි. මෙහෙම උන් 5% ක් වගේ සිටී.
උබ ජීවිතේ පලවෙනියට බොන සිගරට් එක උබ ගත්ත එකක් නෙමේ උබගේ යාලුවා ආ මචන් ශොට් එකක් ගහපන් කියලා දීපු එකක්. බීපන් ඇබ්බැහි නොවී ගානට විනෝදෙට පුලුවන් නම් නොබී ඉදපන් A/L කාලේ ඉගෙන ගන්න ලේසී.
*ආ අමතක උනා තව සෙට්ටෙකක් ඉන්නවා කෑල්ල දාලා ගියාට බොන 😂
04.ආදරණීය සැමියෙක් ආදරණීය බිරිදක් වෙන්න යාම 😂
ඔය වයසට හැමෝටම ලව් කරන්න සිතෙනවාය ඒක වැරැද්දක් නෙමෙයි ලව් කරන එකෙත් කිසිම වැරැද්දක් නෑ .
ඒක ගානට කරගෙන ඉගෙන ගන්න වැඩ ටිකත් කරපන්.
ආදරේ කරපු එකා/එකී දාලා ගියා කියලා ජීවිතේ විනාස කරගන්න එක මෝඩ කමක් ඔව් එහෙම් දෙයක් උනාම දුකයි තමයි එතකොට උබට උබව පාලනය කරගන්න බැරි වෙයි මැරෙන්න හිතෙයි බොන්න හිතෙයි අන්න එතකොට උදව් ගනින් වැඩිහිටියෙක්ගෙන් ගෙදරින් උබව තේරුම ගන්නේ නැත්නම් ,හැම හොස්පිටල් එක්කම තියෙනවා මිතුරු පියස කියලා ඒකට ගිහින් කතා කරපන් .
අපේ උන්ට් වෙන්නේ මේකයි ලව් එක කරන්න වෙන්නේ ඉස්කෝලෙට,ගෙදරට,ගමේ උන්ට හොරෙන් ඉතින් හොරෙන් ලව් කරන්න ගියාම අන්න ඒකට අමතර වෙහෙසක් මහන්සියක් ගන්න වෙනවා.ඔන්න ඔය හේතුව නිසයි ලව් එකක් එක්ක පාඩම් කරන්න බැරි. ඒක උබලගේ වැරැද්දක් නෙමෙයි මේ රටේ හැටි. ඒකට හොදම වැඩේ ලව් එකක් පටන් ගද්දි මේවා ගැන හිතපන් ඒ කියන්නේ පහසුවෙන් ආදරේ කරන්න පුලුවන්ද කියලා මොකද ඔය ලව් අවුරුදු ගනන් තියෙන ඒව නෙමෙයි .එහෙමත් ලව් එකක් තමයි බදිනකන් තියෙන්නේ. එකම ඉස්කෝලේ එකම පන්තියේ උනොත් ලේසි .උබ A/L ඒකී O/L නම් වැඩේ අමාරුය. අනික උබ නුවර ඒකී කෑගල්ලේ නම් ඒත් බැරිය .එකිට මැර අයියලා මමාලා බාප්පලා ඉන්නවා නම් උබේ ඇගට ගුන නැත . කෙල්ලන්ටත් මෙසේමය ඌ කොලබ වැඩ මම නුවර ඉස්කෝලේ වගේ නම් වැඩේ අමාරුය . මේකයි මේවගේ ලව් එකකදි අපේ රටේ මිනිස්සු හිතන විදියත් උබලට සලකන විදියත් එක්ක ලව් කරන්න වෙන්න තියෙන මහන්සිය වැඩි නිසා ආය පාඩම් කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නෑ මචන් ඒකයි ඇත්ත .ඒක නිසා ලග ඉන්න , එක වයසේ එක ප්න්තියේ ලව් එකක් හදාගනින්. මම නම් කියන්නේ a/l හොදට වැඩ කරගන්න පුලුවන් හරි දෙන්නෙක් සෙට් උනොත් එතකොට බේබදු යාලුවො ටිකගෙන් බේරිලා ,අද class යන්න බෑ කියන කුපාඩියෝ ටිකගෙන් බේරිලා වැඩ ටික කරගන්න පුලුවන් එකට class ගිහින් ආව එකට වැඩ කරා.
*ලමහර මාරක ලව් තියෙනවා දෙන්නම class යන්නේ නැතුව වැඩේ අනාගන්න ඒක උන්ගේ නොහැකියාව.
05. Film/tv series , games picco 😂
මුන්ට කෙල්ලෙක් නැත ඒකායන අරමුන ආතල් එකේ සිටීමයි අලුත්ම phone එකක්
Lap එකක් wifi රව්ට් ර් එකක් මුන් සතුය .
ඉස්කෝලේ එන්නේ යලට මහටය හැමදාම class නම් යයි note එක ලියාගයි ගෙදර ගිහින් වැඩක් කරන්නේ නම් නැත, ඒ උනාට වැඩ කිරීමට හැකියාවක් ඇත .විභාගය ලන් වන විට පාඩම් කරලා ගොඩ යන ප්‍රතිශතය වැඩිය.ඒ උනාට මුල ඉදලා වැඩ කරා නම් සුපිරි results ගන්න පුලුවන්ය. . වැඩිය යලුවෝ ආශ්‍රයක් නැත ඒ උනාට හැමෝත් එක්කම හොදින් සිටී .
අලුතෙන්ම එන films game ගැන මුන් නොදන්න මගුලක් නැත .
Films tv,series යාලුවොන්ට බෙදා දීම මුන්ගේ විනෝදාංශය වේ.
*class යනවා කියලා කැෆේ යන උන්ගේ නම් A/L විනාසය 😂 මෙවැනි පුද්ගලයන්ගේන්ද ප්‍රවේසම් විය යුතුය මොකද උබටට්ත් films,tv series පිස්සුව හැදුනොත් බඩුම තමයි.
06.A/L වලට දුර town වලට class යෑම
දැන් මේක විලාසිතාවක් වෙලාය.ගමේ ඉදලා පැය 2ක් විතර බස් එකේ ගිහින් ලමයි ගොඩක් ඉන්න class එක්කට යෑම.
Class එකට යද්දිම බාගෙට මැරිලාය . ඉඳගන්න තියෙන්නේ අගල් 8 බංකුය . Sir කියන දේ අහගෙන ඉන්න බැරිය පස්ස කකියනවාය,දාඩිය දමනවාය . ගෙදරින් යන්නේ 5 ටය ගෙදර එන්නේ 7ටය . Class ගියාම පාඩම් කරන්න වෙලාවක් නැත . ඉස්කෝලේන් උපරිම උදව්ව ගනිල්ලා මචන්ලා class වල sir ලා වගේ ඉල්ස්කෝලේ උබලගේ බටර් නොගාන එක ඇත්ත ඒ උනාට උබල හොදින් හිටියොත් බහුතරයක් (99%) ගුරුවරු උබලට ඉස්කෝලේ උදව් කරනවාය.
පුලුවන් නම් ලග පාත class හොයාගන්න හොද ගුරුවරු ඕනි තරම් ඉන්නවා රැල්ලට යන්න එපා .
සැ.යු: මේ දුර class වලට ගිහින් පට්ට කට්ටක් කාලා මහන්සි නොබලා පාඩම් කරලා සුපිරි results දාන සෙට් එකක් ඉන්නවා අන්න උන් ටික පට්ට මචන් එහෙම් එකෙක්ව ආශ්‍රය කරපන් උබ ගොඩ.
07.සල්ලි හොයන පිස්සුව
මුන්ට ඕනි සල්ලිය .එක පාර දියුනු වීමට අවශයි . රටේ නම ගිය හොද ව්‍යවසායකයින්/ ව්‍යාපාරිකයින් ගැන දන්නවාය හැබැයි උන් ගොඩ යන්නේ වැඩ කරපු විදිය නොදන්නවාය.
ඉගෙන ගන්න ගමන් online සල්ලි හොයන වැඩ වලට පොඩි business පටන් ගන්න try එකක් දෙයි.
" කැම්පස් ගියපු නැති උනෙ මේ ලෝකේ කොච්චර ලොකු ව්‍යාපාරිකයෝ වෙලා ඉන්නවාද " මෙන්න මේක මුන්ගේ දේව වැකියයි ඒ උනාට උන් දෙන්නේ නැති දෙයක් තමයි බිල් ගේට්ස් ට උපාදිය සම්පුර්ණ කරන්න බැරි උනාට තනියම os එකක් ලියාගන්න තරම් හැකියාවක් තිබ්බ බව.
ටික කාලෙකින් මුන්ට වැඩේ අවබෝද වෙනවා ගොඩ යන්න නම්. මොනවම හරි දෙයක් හරියටම ඉගෙන ගන්න ඕනී කියලා.
* මේ සෙට් එකේද online වැඩ කරන ගමන් හෝ business එකක් කරන ගමන් වැඩ කරලා ගොඩ ගියපු උන් ඕනි තරම් ඉන්නවා හැබැයි උන හරි විනයකින් , කාල කලමනාකරණය කරගෙන , නිවරදි ක්‍රම පාවිච්චි කරලා ගොඩ ගියපු උන්.💛
Comments
Post a Comment